Tamil-Sri LankaEnglish (United Kingdom)
  
About Us

අප ගැන

 
වාර්ෂිකව පවත්වනු ලබන දැයට කිරුළ ප්‍රදර්ශනය ආරම්භ කරන ලද්දේ 2007 වර්ෂයේදිය. මෙම ප්‍රදර්ශනය පැවැත්වීමේ අරමුණු වූයේ යුද්ධය අවසාන වන තෙක් ජීවිත පූජා කරමින් ඉමහත් කැපවීමෙන් යුක්තව සටන් අභීත සොල්දාදුවන් ගැන මහජනතාවට අවබෝධයක් ලබාදීම හා එහි වැදගත්කම රටට කියාපෑමයි.
 
සෑම දිසා ලේකම් කාර්යාලයකම සංවර්ධන සතිය නම් වූ වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදි. ඉන් පළමුවෙනි සංවර්ධන සතිය පදවිය දිසා ලේකම් කාර්යාලයේදී ජ්‍රුලි මස 11 වන දින සිට 17 වන දින දක්වා පවත්වන ලදි.මෙම සංවර්ධන  සතියට සමගාමීව දිස්ත්‍රික්කයේ වෙසෙන මහජනතාවගේ ගැටලු විසදීම සදහා ජංගම සේවයක් ක්‍රියාත්මක කරන ලදි. මෙම ජංගම සේවය සදහා සියලුම රජයේ දෙපාර්තමේන්තු නියෝජනය ලදි. පළමු දැයට කිරුළ ප්‍රදර්ශනය 2007 වර්ෂයේදී ද,දෙවන දැයට කිරුළ ප්‍රදර්ශනය 2008 වර්ෂයේදි ද, තුන්වන දැයට කිරුළ ප්‍රදර්ශනය 2009 පෙබරවාරි මස කොළඹ බණ්බාරනායක අනුස්මරණ ජත්‍යයන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලදි.
 
කේසේ නමුත් , යුද්ධය ජයග්‍රහණ කීරීමෙන් පසු අතිගරු ජනාධිපතිතුමා කොළඹට සීමා නොවී කොළඹින් බැහැර  පෙදෙස් වලටද දැයට කිරුළ ප්‍රදර්ශනය පැවැත්වීමට කටයුතු යොදවන  ලෙස උපදෙස් ලදුව ඒ අනුව යුද්ධයෙන් පසුව පළමුවන දැයට කිරුළ ප්‍රදර්ශනය  පවත්වනු ලැබුයේ ශ්‍රි ලංකාවේ සිංහල රජදරුවන් ගේ අන්තිම රාජධානිය වූ මහනුවරය. ප්‍රථම වරට මෙම ප්‍රදර්ශනයට සමගාමීව සංවර්ධන කටයුතු සිදුකිරීම ආරම්භ වූයේ මෙම කාලය තුළදීය. ඒ අනුව බොහෝ පාරවල් සහ වෙනත් යටිතල පහසුකම් දියුණු කරන ලදි.
 
ගම්බද ප්‍රදේශ වලට වඩාත් වැඩි යටිතල පහසුකම් ලබාදීම සහ ආර්ථික වාසි ඇතිකර ලීමේ අරමුණෙන් 5 වන දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන මොණරාගල දිස්ත්‍රික්කයේදීද, සහ ප්‍රදර්ශනය 2011 වර්ෂයේදී බුත්තල දී පවත්වනු ලැබීය. මේ යටතේ මොණරාගල දිස්ත්‍රික්කයේ පාරවල් සහ පාලම් වැඩි දියුණු කර ඇත.මෙහි තේමාව වූයේ ආශ්චාර්යේ කිරුළ යනුවෙනි.
 
6 වන  දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන දියත්වූයේ ශ්‍රි ලංකාවේ අතීත රජදරුවන් ගේ මුල් උරුමය වූයේ නුවරකලාවිය හෙවත් අනුරාධපුර දිස්ත්‍රික්කයේය. ප්‍රදර්ශනය පැවැත්වූයේ විල්පත්තු ජාතික වන උද්‍යානයට මායිම් ඇති ඔයාමඩුව ප්‍රදේශයේය.6 වන  දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන යටතේ  අනුරාධපුර දිස්ත්‍රික්කයේ විශාල ප්‍රමාණයක මාර්ග සංවර්ධනයක් හා අඩු පහසුකම් ඇති පාසල් 100 ක් සදහා පරිගණක විද්‍යාගාරයන්ද ස්ථාපිත විය. 6 වන  දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහනෙහි තේමාව වූයේ ආශ්චාර්යයේ පුනරාගමනය යන්නයි.
 
6 වන  දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන අවසන් වූවාට පසු අතිගරු ජනාධිපතිතුමා එක් දිස්ත්‍රික්කයට සීමා නොවී අනෙකුත් දිස්ත්‍රික්ක අතරේද ආර්ථික  ප්‍රතිලාභ බෙදීයන පරිද්දෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීම සුදුසු බව තීරණය කළ අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් 7 වන දැයට කිරුළ ජාතික සංවර්ධන වැඩසටහන අම්පාර නගරයේ පැවැත්වීමටද මඩකලපුව,ත්‍රිකුණාමලය සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්ක වළ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමද එයට සමගාමි ව  සිදුවේ.
 
අවසන් යාවත්කාලීන කිරීම 2013 පෙබරවාරි 20 වෙනි බදාදා, 08:02